Skip to main content

Posts

Showing posts from May, 2019

Happy Vesak, Dear All!

මුළු ලොවම අභිබවා නැගෙන ඒ ගුණ කද, ගලාහැලෙනා මහා කරුණාව, සමකල නොහැකි බුද්ධ තේජස! භාග්‍යවත් වූවෙමි ඒ අභියසට යන්නට, සිටියෙමි එහි පුදමින්, මා හදේ කෘතවේදීතාව… නැගෙයි ඒ ගුණ, නවතනු බැරිය, ගලයි මහා කරුණාව, දැනෙයි එය මා හදට, බබලයි ඒ තේජස, ගෙනෙයි මා හට මහත් වීරිය, බුදු පියාණෙනි, මා පියාණෙනි, වේවා මගේ නමසකාර ඔබ වහන්සේ හට! ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා!