මුළු ලොවම අභිබවා නැගෙන ඒ ගුණ කද,
ගලාහැලෙනා මහා කරුණාව,
සමකල නොහැකි බුද්ධ තේජස!
භාග්‍යවත් වූවෙමි ඒ අභියසට යන්නට,
සිටියෙමි එහි පුදමින්,
මා හදේ කෘතවේදීතාව…
නැගෙයි ඒ ගුණ,
නවතනු බැරිය,
ගලයි මහා කරුණාව,
දැනෙයි එය මා හදට,
බබලයි ඒ තේජස,
ගෙනෙයි මා හට මහත් වීරිය,
බුදු පියාණෙනි,
මා පියාණෙනි,
වේවා මගේ නමසකාර ඔබ වහන්සේ හට!
ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
May you all have a peaceful and serene Vesak!
ReplyDelete